Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම

User Rating: Be the first one !
airlift hindi movie
airlift hindi movie

2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඉතිහාස සහ නාට්‍ය ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Raja Krishna Menon . ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Akshay Kumar සහ  Nimrat Kaur. චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2016 වසරේ ජනවාරි මස 21 දින .

මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ කුවේට් වල රැකියාවට ගොස් අන්ත අසරණ වන ඉන්දියානු පුද්ගලයන් මුලික කරගෙන. මේ කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ රන්ජිත් . ඔහු කුවේට් වල ව්‍යාපාරිකයෙක්. එක් දිනක් රාත්‍රියේ රන්ජිත් තම මිතුරකු වෙත දුරකථන ඇමතුමක් ලබාගැනීමෙන් පසුව ඔහු විශාල ලෙස කලබලයට පත් වෙනවා.

ඉරාකය සහ කුවේට් අතර ඇතිවුන ගිවිසුම් බිදවැටීමත් සමග ඉරාකය විසින් කුවේට් වල බලය අල්ලා ගැනීමට සියලුම කුවේට් වැසියන් අමු අමුවේ වෙඩි තබා ඝාතය කරනවා . ඒ පමණක් නොවෙයි ඔවුන්ගේ සියලුම නිවාස පොලවට සමතලා කර දමනවා. මේ අතර කුවේට් වල රැකියාවට පැමිණි ඉන්දියානු වැසියන් 170000 ක් පමණ විශාල ජනතාවක් මේ සිදුවීමට මුහුණ දෙනවා .

ඉන්දියානු ජනතාව ඝාතනය නොකරත් ඔවුන්ට අනන්න්‍ය තාවය තහවුරු කරගැනීමට කිසිදු ලියවිල්ලක් ඔවුන් සතුව නොමැත . ඉරාක හමුදාව ඔවුන්ගේ සියලු දේ විනාස කර ඔවුන් සරණාගතයන් බවට පත් කර හමාරයි.

මේ අතර රන්ජිත් ඉරාක හමුදා ප්‍රධානින් හමුවී විසදුමක් සෙවූ විට ඔහුගේ පවුලේ අයට රටින් පිටවීමට අවසර ඇති බව ප්‍රකාශ කරනවා. නමුත් ඔහුගේ ආයතනයේ සේවය කරන විශාල ඉන්දියානු ජනතාවක් අතරමන් කර රටින් පිටවීමට ඔහුට හිත එකග කර ගන්න බැරි උනා.

මේ සිදුවීම දිහා ඉන්දියානු කසිදු බලදාරියෙක්ගේ ඇස යොමු වන්නේ නැහැ. ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් තම මවු රට කිසිදු අනුකම්පාවක් දක්වන්නේත් නෑ . රන්ජිත් දිවා රෑ නොබලා තම ජනතාව රටින් පිටුවහල් කර ගැනීමට විශාල වෙහෙසක් දරනවා.

චිත්‍රපටය නරඹන අවස්ථාවේ ඔබට තේරේවි ඔබත් පිටරටකට ගොස් අතරමන් උනොත් ඔබටත් ඇති වන්නේ මේ ඉරණම නේද කියල. තමන්ගේ කියන්න කිසිදු දෙයක් නැතිව අන්ත අසරණ උ විට හිතට දැනෙන වේදනාව කොච්චරද කියල නිම කරන්න බැහැ . අද අපේ රටෙත් මිල්ලේ සොයා ගොසින් සියලු දේ අහිමිව බොහොම දුක් විද තම මව් බිමට පැමිණි කොපමණ පිරිසක් ඇත්ද .

වැදු මවත් හැදු රටත් අමතක කරන්න එපා කියන්නේ හේතුවක් ඇතුවයි

චිත්‍රපටයේ ආදායම ගත් විට මිලියන 300ක වියදමක් දරා නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය බිලියන 2.31 අති සාර්ථක ආදායමක් උපයාගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය අවසාන වන තෙක් නරඹන්න ඔබට කොපමණ රසස්වාදයක්  ලබා දෙන්න මේ චිත්‍රපටය නිර්මාණ කරුවන් සමත් වෙලා තියෙනවද කියල ඔබම තීරණය කරන්න.

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

Dilwale 2016

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස – සිංහල උපසිරැසි

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස Dilwale 2015 2015 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: