Thursday , September 19 2019
Home / Hindi-හින්දි / Baaghi (2016) With Sinhala Subtitle | තාම පටන් ගත්ත විතරයි – සිංහල උපසිරැසි

Baaghi (2016) With Sinhala Subtitle | තාම පටන් ගත්ත විතරයි – සිංහල උපසිරැසි

Baaghi (2016) With Sinhala Subtitle | තාම පටන් ගත්ත විතරයි

User Rating: 3.79 ( 15 votes)

Baaghi 2016

Baaghi 2016

2017 වර්ෂයේ ඉන්දියාවේ නිෂ්පාදිත හින්දි භාෂාවට අයත් වෙන චිත්‍රපටයක්. මාෂල් ආර්ට්ස් සටන් කලාව ප්‍රධාන කරගත් ක්‍රියාදාම ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Sabbir Khan . චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Sajid Nadiadwala . ඒ වගේම රචනය කරන්නේ Sanjeev Datta. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Tiger Shroff සහ  Shraddha Kapoor. චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2016 අප්‍රේල් මස 29 වැනිදා.

රොනී කියනේ බොහොම හිතුවක්කාර තරුණයෙක් . කියන කිසිම දෙයක් අහන්නේ නෑ. රෝගී තත්වයේ ඉන්න පියා ඔහුව ගුණ ගරුක කීකරු පුද්ගලයෙක් කරන්න ඔහුගේ යාළුවකු වන මාෂල් ආර්ට්ස් ගුරුවරයකු වෙත රොනිව යවනවා.

ඉතින් මේ ගමන යන අතර තුර කෝච්චියේදී ඔහුට ලස්සන ගැහැණු ළමයෙක් මුණ ගැහෙනවා. ඇය නමින් සියා. දෙදෙනා කතා බහ කරනමින් සුහද උනා. නමුත් තවත් පුද්ගලයකු මේ හැඩකාර කෙල්ල දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි ඔහුට ඇය වෙත ලංවෙන්න බැරි උනා. එක්තරා දුම්රිය පලකදී රෝනිට  ඇය මගහැරෙනවා.

රොනී පියා කිව් ගුරුතුමා සොයාගෙන යනවා. මේ ගුරුතුමා ආරාමයක් පවත්වාගෙන යමින් මාෂල් ආර්ට්ස් සටන් කලාව ශිෂ්‍යන්ට පුහුණු කරනවා. රෝනිගේ පියා ලිපියක් මේ ගුරුතුමා වෙත රොනී අත එවනවා. මේ ලිපියේ සඳහන් වෙන්නේ බොහොම ආයාචනාත්මක ලෙස ඉල්ලා සිටිනවා රොනිව කොහොම හරි ගුණ ගරුක පුද්ගලයෙක් කරන්න කියල.

දිනක් ආරාමයට එළවළු ගෙන එන්න ටවුමට යන රෝනිට සියාව මුණ ගැහෙනව. දෙදෙනා අතර ආදරයක් හට ගන්නවා. මෙහෙම කාලය ගෙවී යන අතර තුර ගුරුතුමාගේ පුතා පිට රට සිට ආරාමය වෙත එනවා. ඒ එන්නේ වෙන කවුරුවත් නෙමෙයි සියා දෙස දුම්රිය පලේදී බලා සිටි පුද්ගලයා.ඔහු නමින් රාඝවූ.

දිනක් මෙ රාඝවූ සීයාගේ නිවසට යනවා ඇයව විවාහ කර ගන්න යෝජනා කරන්න. නමුත් ඇගේ පියා අකමැති උවත් රාඝවූ ගේ මුදල් ඉදිරියේ කැමති වෙනවා. මෙහෙම කාලය ගෙවෙන අතර සියා සහ රොනී අතර පවතින ආදර සම්බන්දය සියා ගේ පියා දන ගන්නවා. ඔහු වහාම ගොස් මේ බව රාඝවූ හට කියනවා.

රාඝවූ කියන්නේ බොහොම දරුණු පුද්ගලයෙක් . කොච්චර දරුණු උනත් පියා වූ ගුරුතුමාගේ වචනයට අවනත වෙන්න වෙනවා. මේක ඔහුට කරදරක් මොකද තමන්ගේ හිතු මනාපෙට කිසි දෙයක් සිදු කරන්න බැරි නිසා. දිනක් ඔහු ගුරුතුමාගේ ආහාර වලට වස දමා තම පියාව ඝාතනය කරනවා.

ගුරුතුමාගේ මරණයෙන් පසුව රෝනිගේ ජිවිතේ හැමදේම කණපිට පෙරලෙන්න ගන්නවා. මෙතැනින් එහාට තමයි චිත්‍රපටයේ හොදම ටික පටන් ගන්නේ. හැබැයි ඉතින් එක මම විස්තර කරන්නේ නෑ ඔයාලා බලලා රස විදින්න.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

airlift hindi movie

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඉතිහාස …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: