Wednesday , November 20 2019
Home / English-ඉංග්‍රීසි / Deadpool (2016) Sinhala Subtitle | විකුර්තියට පත් පූල් මහත්තයා 18+ සිංහල උපසිරැසි

Deadpool (2016) Sinhala Subtitle | විකුර්තියට පත් පූල් මහත්තයා 18+ සිංහල උපසිරැසි

Deadpool (2016) Sinhala Subtitle | විකුර්තියට පත් පූල් මහත්තයා 18+

User Rating: 5 ( 1 votes)

deadpool

Deadpool 2016

2016 වසරේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද සුපිරි වීරයන්ගේ ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේTim Miller . ඒ වගේම චිත්‍රපටය ප්‍රධාන චරිත හොබවන්නේ Ryan Reynolds , Morena Baccarin, Ed Skrein, T.J. Miller, Gina Carano, සහ  Brianna Hildebrand. චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2016 වසරේ පෙබරවාරි 12 වැනිදා.

වෙඩ් විල්සන් කව්ද මේ. මොහු සේවය කලේ විශේෂ බලකායේ. පසු කාලයේදී මොහුව සේවයෙන් නෙරපා හැරුනා. ඉතින් මිනිස්සුන්ට ජිවත් වෙන්න සල්ලි ඕන කරනවනේ.මොහු රැකියාවට කලේ කුලියට මැර වැඩ.

මොහුගේ සමීපතම යාලුවා උනේ බාර් එකේ වීසල්. ඉතින් මේ විල්සන් මහත්තයා නිතර නිතර බාර් එකට ගිහින් යහළුවා මුණ ගැහිලා බොන්න පුරුදු වෙලා හිටිය.

මෙහෙම යනකොට දිනක් බොහොම කඩවසම් කෙල්ලෙක් බාර් එකට එනවා. ඇය නමින් වැනීසා. විල්සන්ගේ හිත මේ කෙල්ලට ඇදිලා යනවා. කොහොම හරි ට්‍රයි කරලා මේ කෙල්ලව සෙට් කරගන්නවා.

ඉතින් දෙන්නට දෙන්න බොහොම ආදරෙන් කාලය ගත කරනකොට හදිසියේම වෙඩ් විල්සන් අසනීප වෙනවා. වෛද්‍ය වරු ප්‍රකාශ කරේ පිළිකාවක් කියල. ඉතින් ලෙඩේ හොද කරන්න පුළුවන් වේද කියලා හරියටම කියන්න බැහැ පරීක්ෂණ කරගෙන යනවා කියල කියනවා.

මේ පිළිකාවෙන් පස්සේ විල්සන් මහත්තයා ගොඩක් කලබල වෙනවා. එකක් අසනිපෙට බෙහෙත් නැති කම. අනික ඉක්මනට මැරෙන්න වෙයිද කියලා. දිනක් බාර් එකට විල්සන් මහත්තයා මුණ ගැහෙන්න එක්තරා පුද්ගලයෙක් එනවා.

මොහු රජයේ නොවන එක්තරා පෞද්ගලික ආයතනයකින් තමයි එන්නේ. ඔහු විල්සන් මහත්තයට කියනවා අපිට ඔයාගේ පිළිකාව හොද කරන්න පුළුවන් ඒ සදහා විවිද පරීක්ෂණ කිහිපයකට පෙනී සිටින්න කියලා.

නමුත් විල්සන් මහත්තයා මේකට එකපාර කැමති වෙන්නේ නෑ. කරන්න වෙන විකල්පයක් නැති කමට ඔහු එම ස්ථානයට යනවා. ඒ ආයතනයේ නායකයා තමයි ප්‍රැන්සිස්කෝ. ඔහු පුල් මහත්තයව පරීක්ෂණ කිහිපයකට යොමු කරනවා.

අවාසනාවක අරුමය කියන්නේ මේ පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස වීල්සන් මහත්තයාගේ මුළු ඇඟම පිච්චිලා වගේ. මුණ දිහා බලන්න බෑ විකුර්ති වෙලා. කොච්චර අවලස්සන වෙලාද කියනවනම් යම් පුද්ගලයෙක් දැක්කොත් බයවෙලා දුවන තරමට මුළු ශරීරයම වෙනස් වෙලා.

ඉතින් චිත්‍රපටයේ මෙතනින් එහාට මොකක් වෙයිද. විල්සන් මහත්තයගේ ඉරමන මොකක් වෙයිද . අනිවාර්යෙන් මතක් කරන්න ඕන පවුලේ සැමට මේක එකට හිද නරඹන්න බෑ. මොකද මේක තනිකරම කුණුහරප. මේ කුණුහරප ටික බලන්න ජනතාව කිච්චර ආස කරලා තියෙනවද කියල චිත්‍රපටයේ ආධායමෙන් ඔප්පු වෙනවා.

චිත්‍රපටය නිර්මාණය කරන්න ඩොලර් මිලියන 58 වැය වෙලා තියෙනවා, ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම අද වන විට ඩොලර් මිලියන 783.1 වෙනවා. ඉතින් හිතාගන්න පුළුවන් නේද කොච්චර ආසාවෙන්ද මිනිස්සු මේ චිත්‍රපටය එනකන් ඉඳලා තියෙන්නේ කියලා.

ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Teenage Mutant Ninja Turtles Out of the Shadows

Teenage Mutant Ninja Turtles: Out of the Shadows Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 – සිංහල උපසිරසි

Teenage Mutant Ninja Turtles: Out of the Shadows 2016 Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: