Friday , July 19 2019
Home / Hindi-හින්දි / Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස – සිංහල උපසිරැසි

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස – සිංහල උපසිරැසි

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස

User Rating: 3.2 ( 6 votes)

Dilwale 2016

Dilwale 2015

2015 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද හින්දි භාෂාවට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය රොමැන්ටික් සහ ක්‍රියාදාම ගණයට අයත් වෙන්නේ. අද්‍යක්ෂනය කරන්නේ Rohit Shetty. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Gauri Khan සහ  Rohit Shetty විසින්. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Shah Rukh Khan, Kajol, Varun Dhawan , Kriti Sanon . විනාඩි 155 ක් පුරා දාවනය මෙම චිත්‍රපටය 2015 වසරේ දෙසැම්බර් මස 18 වනදා මහජන ප්‍රදර්ශනයට නිකුත් උනා.

ශාරුක් සහ කාජල් දෙපල ගැන කතාකරන විට ඉන්දීය සිනමාව තුල ආදරණිය යුවලක් විදියට සලකන්න පුළුවන්. 1993 වසරේ නිකුත් උන බසිගර් චිත්‍රපටය තුලින් සිනමාවට එක්වී 1995 වසරේ නිකුත් උන දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ චිත්‍රපටය තුලින් මුළු ලෝකයම ඔවුන් දෙපල හදුනා ගන්න යෙදුනා.

ඔවුන්ගේ ආදර කතාව එතැනින් නිමා උනේ නෑ 1998 වසරේ නිකුත් උන කුච් කුච් හෝතාහේ චිත්‍රපටය තුලින් තව තවත් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තා. 2010 වසරේ නිකුත් උන මයි නේම් ඉස් කාන් චිත්‍රපටයෙන් දිගු නිහැඬියාවකට පසුව 2015 වසරේ නැවතත් එම ආදරණිය දෙපල දිල්වාලේ චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂක හිත් දිනා ගත්තා.

රාජ් කියන්නේ බොහොම නිහතමානි පුද්ගලයෙක්. කිසිම පුද්ගලයෙක් සමග වාදයට යන්නේ නෑ. අනුන්ගේ දුකේදී උණුවෙන හදවතක් තියෙනේ. වීර් කියන්නේ රාජ් ගේ මල්ලි . තරුණ වයසේ ඉන්න කොල්ලෙක්. දෙදෙනාගේම දෙමවුපියෝ ජිවතුන් අතර නෑ. අයියයි මල්ලි දෙන්න එකතු වෙලා කාර් ගැරේජ් එකක් කරගෙන බොහොම සමගියෙන් ජිවත් වෙනවා.

වීර් නිතරම කරනෙම දඟ වැඩ. කොච්චර දඟ වැඩ කරත් අයියට බයයි. අයියත් මල්ලිට ගොඩක් ආදරෙයි. වීර් දවසක් කාර් එකක නැගී පාරේ යන විටදී ලස්සන කෙල්ලෙක් මුණ ගැහෙනවා. ඇය ඉෂිතා. කොහොම හරි ට්‍රයි කරලා කෙල්ල යාලු කරගන්නවා.

ඉතින් මේ ඉෂිතට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි ඇය මීරා. මීරා තමයි  නැගණියගේ හැම ඕනෑ එපාකමක්ම හොයල බලන්නේ. මොකද මේ දෙදෙනාගේත් දෙමවුපියෝ නෑ. මෙහෙම කාලය ගෙවිලා යනකොට වීර් සහ ඉෂිතා ආදරෙන් ගොඩක් ලංවෙනවා.

කොහොම හරි දෙදෙනාගේ ආදරේ ගෙවල්වලට කියනවා . ඉතින් රාජ් තම මල්ලිගේ පෙම්වතියගේ නිවසට යනවා ඇගේ අක්කා මුණ ගැසීමට. හැබැයි රාජ් මීරා දැකපු ගමන් ගැස්සිලා යනවා. මීරා හිතේ ලොකු කේන්තියක් තියාගෙන රාජ්ට කියනවා කවදාවත් තමන්ගේ නැගණිය වීර්ට නොදෙන බවට. රාජ්ට නිවසින් එලියට යන්න පවසනවා.

ඉතින් ඇත්තටම මොකද උනේ. ඇයි රාජ් ව දැකපු ගමන් මීරාට කේන්ති යන්නේ. මෙතන ලොකු අභිරහසක් තියෙනවා. අවුරුදු 25ක් පරණ ඉතාමත් භයන්කාර අතීතයක් මේ මීරා සහ රාජ් දෙදෙනා අතර තියෙනවා. ඉතින් ඒ කුමක්ද කියල මන් කියන්න යන්නේ නෑ. මේ චිත්‍රපටය බලලම රසවිදින්න කියල මන් කියනවා.

ඩවුන්ලෝඩ් කරන්න

Check Also

airlift hindi movie

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඉතිහාස …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: