Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය

Fan 2016

FAN 2016

2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද හින්දි භාෂාවට අයත් වන චිත්‍රපටයක්. චිත්රපටය අද්‍යක්ෂනය කරන්නේ Maneesh Sharma. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Aditya Chopra. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ද සුපිරි රංගන ශිපියෙක් වන  Shah Rukh Khan. විනාඩි 138ක් පුරා ධාවනය වන මෙමෙ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ අවරුදු තෑග්ගක් විදියට තමයි. ඒ කියන්නේ 2016 වසරේ අප්‍රේල් මස 15 වන දින.

රසිකයා යන ප්‍රදාන මාර්තුකාව තේමාව කරගත් මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක රසිකත්වය දිනා ගත් පුද්ගලයකුගේ සැබෑ ස්වරුපය හෙවත් තිරයේ පිටුපස කතාව විහිදාපාන චිත්‍රපටයක්. ඇත්තම කියනවනම් ගමේ නගරයේ ප්‍රාදේශීය ඇමති ,පළාත් සබා ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී, අගමැති ජනාදිපති  මේ සියළු තනතුරු අපිට අද්‍යාපන සහතික ඉදිරිපත් කරලා විබාග පාස් කරලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි.

මේ සියලුම තනතුරු ගන්න පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂක රසිකත්වය දිනාගෙන. සාමාන්‍යයෙන් දේශපාලනය කරන කෙනෙක් ප්‍රේක්ෂක රසිකත්වය දිනා ගන්නේ ජනතාව බොරුවෙන් මුලා කරලා. හැබැයි සිනමා තරුවක් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගන්නේ  එහෙම නම් නෙමෙයි දක්ෂ ලෙස රංගන හැකියාව ඉදිරිපත් කරලා.

දේශපාලකයා සහ සිනමා තරු රංගන ශිල්පියෝ, මොවුන්ට තිරය ඉදිරියේ රඟන විදියට සැබෑ ජීවිතයේදී එහෙම කරන්න බෑ. මොකද ඕනෑම කෙනෙක්ට තමන්ට කියල පෞද්ගලිකත්වයක් තියෙනවා. ෂාරුක් කාන් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ද සිනමා තරුවක්. ඉතින් ඔහු මේ චිත්‍රපටය තුලින් ඔහුගේ සැබෑ ස්වරුපය ඉදිරිපත් කරන්න යෙදුනාද කියල වෙලාවකට මට හිතෙනවා.

ආර්යන් කන්නා කියන්නේ ප්‍රසිද්ද සිනමා තරුවක්. ඔහුගේ ප්‍රසිද්දත්වය කොච්චරද කියනවනම් උපන්දිනයට සුබ පතන්න දහස් සන්ක්යාත ජනතාවක් ඔහුගේ නිවස අවට එකතු වෙනව. ශාරුක් කාන් තමයි මේ ආර්යන් කන්නා චරිතයට පන පොවන්නේ. ගෞරවූ කියන්නේ ආර්යන් කන්නගේ රසිකයෙක්.

ඔහුගේ රසිකත්වය කොච්චරද කියනවනම් කතා විලාසය අංග චලනය හැඩරුව මේ සියල්ලක්ම ආර්යන් කන්නා විදියට තමයි. ඉතින් ඔයාලට චිත්‍රපටය නරඹන විට තේරෙයි ඔහු මොන වගේ රසිකයෙක්ද කියලා. මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි කිසිම ගීතයක් මේහි අඩංගු නොවීම. නමුත් චිත්‍රපටයේ නමින් ගීතයක් අන්තර්ජාලයට නිකුත් උනා.

ඒ ගීතය කොච්චර ප්‍රසිද්ද උනාද කියනවනම් භාෂා 11 කට නිර්මාණය උනා මේ ගීතය. සිංහල භාෂාවෙනුත්  ගීතයේ පරිවර්තනයක් නිකුත් උනා. මනුරංග විජේසේකර තමයි ගීතය රචනා කරේ, ඉන්ෆාස් විසින් ගීතය ගායනා කරන්නේ. රසිකයන් වෙනුවෙන් නිර්මාණය උණු මේ චිත්‍රපටය සිනමාලෝලි ඔබ අනිවාර්යෙන් නරඹන්න.

ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Dilwale 2016

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස – සිංහල උපසිරැසි

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස Dilwale 2015 2015 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: