Tuesday , May 21 2019

Home / Malayalam - මලයාලම් / Godha (2017) With Sinhala Subtitle |මල්ලව පොර ජීවිතය |සිංහල උපසිරසි

Godha (2017) With Sinhala Subtitle |මල්ලව පොර ජීවිතය |සිංහල උපසිරසි

Godha (2017) With Sinhala Subtitle |මල්ලව පොර ජීවිතය |සිංහල උපසිරසි

User Rating: 0.88 ( 2 votes)

Goda 2017

Godha 2017

2017 වසරේ ඉන්දියාවේ නිෂ්පාදිත මාලයාලම් භාෂාවට අයත් ක්‍රීඩා සහ නාට්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. චිත්‍රපට අද්‍යක්ෂනය Basil Joseph. නිෂ්පාදනය A.V Anoop සහ Mukesh R. Mehta. රචනය කරලා තියෙන්නේ Rakesh Manthodi. ඒ වගේම මේහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Tovino Tomas, Wamiqa Gabbi.

මේ චිත්‍රපටයේ කතාව හරිම ලස්සන කතාවක් . ආදරය සහ අභිමානය මේ දෙකම එක්ව බැදුණු ලස්සන කතාවක් , කිසිම කම්මැලි කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් . මේ කතාව ගෙතෙන්නෙ ගූස්ති සම්බන්දව ඒ කියන්නේ මල්ලව පොර .

ආදිති සින්ග් කියන්නේ පන්ජාබි මල්ලව පොර ක්‍රීඩිකාවක් ඇය පන්ජාබි විශ්වවිද්‍යාලයේ මල්ලව පොර හදාරනවා .ඇගේ පියා කුඩා කල සිටම මල්ලව පොර ශූරයෙක් .ඒ නිසාම ආදිති සින්ග් මල්ලව පොර වලට හුරු උනා . නමුත් ඇගේ සහෝදරයා මේ මිනිසුන් සමග පොරබදන ක්‍රීඩාවට කැමති උනේ නෑ ඔහු පොලිස් නිළදාරියෙක් . ඔහු උත්සහ කලේ පුළුවන් තරම් ඇගේ නංගිව මේ  දේවල් වලින් ඈත් කරලා තියා ගන්න්න .

මේ චිත්‍රපටයේ තවත් පැත්තක් තමයි කේරලය කියන්නේ මේහි පැරණි පරන්පරාව යම් තරම් දුරට ඔවුන්ගේ ගූස්ති ක්‍රීඩාව (මල්ලව පොර ) ආරක්ෂා කරගෙන තමයි ඉන්නේ . නමුත් තරුණ පරම්පරාව ක්‍රිකට් ක්‍රීඩාවට හුරු වෙලා ඔවුන්ට මේ පැරණි ක්‍රීඩා ගැන කිසි වටිනාකමක් නෑ . මිට වසර කිහිපයකට පෙර මල්ලව පොර පැවැත්වීම සදහා ක්‍රීඩා පිටියක් තිබුනා  මේ ක්‍රීඩා පිටිය තිබුනේ කුඹුරක් මැද්දට වෙන්න .මේ භූමිය වැඩිහිටි පරම්පරාව මහත් සේ ආරක්ෂා කරන්න යෙදුනා . නමුත් තරුණ පරම්පරාව මේ ස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගෙන .මේ හේතුව නිසා වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාව සමග නිතර ගැටෙන්න සිදු උනා මේ ස්ථානය ආරක්ෂා කරගන්න .

දාස්,ඔහු මේ ක්‍රිකෙට් ක්‍රීඩා කරන තරුණයෝ අතර එක් තරුණයෙක්. සාමාන්‍ය ජිවිතයේ කිසි අරමුණක් නැතුව ජිවත් උන කෙනෙක් . ඔහුගේ පියා ගමේ හොද නම්බුකාර විදියට ජිවත් වෙන කෙනෙක් ,මල්ලව පොර ක්‍රීඩාවේ නායකයෙක් .ඔහුට කැප්ටන් කියලා හැමෝම කතාකරන්නේ .ඔහු දාස්ව පන්ජාබි සරසවිය වෙත යවනවා ඔහුගේ නම්බුව ආරක්ෂා කරගන්න .පන්ජබියට ගිය පසු මා මුලින් සදහන් කල ආදිති මුණ ගැහෙනවා.ඔහු ඇය සමග ආදරක් ඇති කරගන්නවා .

මේ අතර ඇගේ සොහොයුරා ඔහුගේ තනි කැමැත්තට ඇගේ විවාහය තීන්දු කරනවා. නමුත් ඇය අකමත්තෙන්ම ඔහු බලහත් කාරයෙන් රැගෙන යන්න උත්සාහ කරනවා .මේ අතර දාස් ඇගේ සොහොයුරා වන පොලිස් නිලධාරියාට පහර දෙනවා . පසුව ඔහු නැවතත් කේරලයට පැමිණෙනවා .පසුව ටික දිනකින් අදිති තම  නිවසින් පලා විත් දාස් සොයාගෙන කේරලයට පැමිණෙනවා .

මේ චිත්‍රපටය තව හුගක් දිගට තියෙනවා විහිලු තහළු වලින් සමන්විතව සිනහවෙන් පිරුණු චිත්‍රපටයක්. තවත් වීස්තර කරොත් මේ චිත්‍රපටය බලනකොට කිසි වටිනාකමක් නැහැ .එහෙනම් හැමෝම මේක බලන්න .

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: