Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Golmaal Again (2017) With Sinhala Subtitle | සිනහව කඳුල පලිගැනීම – සිංහල උපසිරසි

Golmaal Again (2017) With Sinhala Subtitle | සිනහව කඳුල පලිගැනීම – සිංහල උපසිරසි

Golmaal Again (2017) Sinhala Subtitle සිනහව කඳුල පලිගැනීම

User Rating: 1.95 ( 1 votes)

golmaal again 2017

Golmaal Again 2017

ඒක කොහොමද වෙන්නේ?

මට කොහොමද එයාලව පෙන්නේ?

මන් කොහොමද එයාලත් එක්ක කතා කරන්නේ?

ප්‍රශ්ණ මහා ගොඩාරියයි?

දෙවියන්ගේ අනුකම්පාව ලැබෙනවනම් එතැන කිසිම ලොජික් එකක් නැහැ තනිකරම මැජික් එකක් විතරයි තියෙන්න.

2017 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය කොමඩි සහ හොල්මන් ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටයේ අද්‍යක්ෂනය කරන්නේ Rohit Shetty. රචනය කරන්නේ Sajid-Farhad සහ Yunus Sajawal. චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Ajay Devgn, Parineeti Chopra, Tabu, Arshad Warsi, Tusshar Kapoor, Shreyas Talpade, Kunal Khemu, Prakash Raj, Johny Lever. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2016 ජූලි මස ආරම්බ කරන ලද අතර 2017 ඔක්තෝම්බර් මස විසි වන දින මහජන ප්‍රදර්ශනයට නිකුත් කරන ලදී.

ජම්නාදාස් ආශ්‍රමය. මේ කතාව ආරම්බ වන්නේ එතැනින්. ජම්නාදාස් කියන්නේ හොඳ වියාපාරිකයෙක්. ඔහු සමාජ සේවයට ගොඩක් කැප වෙලා වැඩ කරපු කෙනෙක්. ඔහුගේ කැපවීම කොච්චරද කියනවනම් ඔහුගේ මුළු දනයම වියදම් කරලා අනාත දරුවන්ට ඉන්න ජම්නාදාස් ආශ්‍රමය නමින් අනාත නිවාසයක් හැදුවා.

මේ අනාථ ආශ්‍රමයට ආපු පලවෙනි ළමයා තමයි ගෝපාල්. තදින් කේන්ති යන කෙනෙක් . මේ ආශ්‍රමයේ හිටිය තව ළමයෙක් තමයි මාධව් කියන්නේ. අනිත් අයට විහිලු කරලා ඇගිල්ල දික් කරලා හොදට විනෝද උනා. හැබැයි ගොපාල්ට මේවා අල්ලන්නේ නෑ. ඔහු කරන්නේ මාදව් ඇගිල්ල දික් කරලා හිනාවෙන වෙලාවට ඒ ඇගිල්ල අනිත් පැත්තට කඩල හිනා වෙන එක .

මේ ආශ්‍රමයට තව ළමයි එකතු වෙනවා. ලක්ෂ්මන් නම තියෙන දෙන්නෙක් එනවා. ඒ වගේම තමයි ලකී කියල තව යාලුවෙක් එකතු වෙනවා හැබැයි එයාට කතාකරගන්න බැහැ. මේ පස් දෙනා එකතු උනාම කරන්නෙම දඟ වැඩ තමයි . ගෝපාල් කොච්චර දරුණු උනත් රෑට කළුවරට බයයි. ඉතින් ගෝපාල් ඒ වෙලාවට ලක්ෂ්මන් ලගින් ඉන්නේ.

මේ අතර හදිසියේම අමුත්තෙක් පැමිණෙනවා. ඒ තමයි ආශ්‍රමය ළඟ පුංචි ගැහැණු ළමයෙක් දාලා ගිහිල්ලා. මේ දරුවාව ඇතුලට අරන් එනවා . ඉතින් ඇයට කුෂි කියල නම තියනවා .

දවසක් මේ පස් දෙනා රණ්ඩුවක පැටලෙනවා . ඒ රන්ඩුවේ ප්‍රතිපලයක් ලෙස ගොපාල්වයි එක ලක්ෂ්මන් කෙනෙකුයි ආශ්‍රමයේ ගේට්ටුවෙන් එලියට දානවා . ටික වෙලාවක් එතැන රැදී ඉදලා මේ දෙන්නා හිතුන දිහාවකට ගියා. යාළුවො දෙන්නගේ අඩුව දැනෙන්න ගත්ත නිසා  අනිත් යාළුවො තුන් දෙනත් ආශ්‍රමයෙන් යනවා . මේ පස්දෙනා නැති අඩුව ජම්නාදාස් මහතාට ගොඩාක් තදින් දැනුනා . ඊට වඩා අඩුව දැනුනේ කුශිට . මොකද පුංචි කාලේ ඉදන් කුශිට අම්මා තාත්තා දෙන්නම උනේ මේ පස්දෙනා විතරයි. අන්තිමේදී කුශිවත් අරන් හදාගන්න අරන් ගියා .

හදිසියේම මේ පස් දෙනාට ආරංචියක් එනවා ජම්නාදාස් මැරිලා කියලා. ආරංචිය එන්නේ මැරිලා ටික දිනක් ගියාට පසුව අනුස්මරණ දිනයට කලින් දිනයේ . පහුවදාට අනුස්මරණයට යන්න මේ පස්දෙනා තීරණය කරනවා .

අවුරුදු 25 කට පසුව තමයි ඔවුන් නැවතත් මේ අනාථ ආශ්‍රමයට එන්නේ . ඒ ආවාට පස්සේ මෙයාලගේ ජිවිතේ හැම දෙයක්ම කණපිට පෙරලෙන්න ගන්නවා , මෙතනින් එහාට මම විස්තර කරන්නේ නෑ . ඉන්දියාවේ චිත්‍රපට අතර වේගවත්ම ආදායමක් ඉපයුව චිත්‍රපට අතර ඉහලින්ම තියෙන චිත්‍රපටයක් මේක . කොමඩි චිත්‍රපට අතරත් ඉහලින් තියෙන චිත්‍රපටයක්. කිසිම කම්මේලි කමක් නැතුව බඩ අල්ලන් හිනාවෙලා බලන්න පුළුවන් මේක. හැමෝම මේක බලන්න කියල ඉල්ලා සිටිනවා

ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කර නරඹන්න

Check Also

Fan 2016

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය FAN 2016 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: