Tuesday , May 21 2019

Home / Telugu-තෙළිඟු / Keshava (2017) With Sinhala Subtitle | රුදුරු පලිගැනීම | සිංහල උපසිරසි

Keshava (2017) With Sinhala Subtitle | රුදුරු පලිගැනීම | සිංහල උපසිරසි

Keshava (2017) With Sinhala Subtitle | රුදුරු පලිගැනීම | සිංහල උපසිරසි

User Rating: 4.17 ( 6 votes)

Keshawa 2017 Movie

Keshawa 2017

2017 වසරේ ඉන්දියානු තෙලුගු භාෂාවට අයත් ක්‍රියාදාම චිත්‍රපටයක් .මේ චිත්‍රපටය අද්‍යක්ෂනය සහ රචනය දෙකම කරන්නේ සුධීර් වර්මා විසින් .ඒ වගේම නිෂ්පාදනය කරන්නේ අභිෂේක් නාමා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ නිකිල් සිද්ධාර්ත් ,රිතු වර්මා ,ඉෂා කොප්පිකාර් .

මෙමෙ චිත්‍රපටය ආරම්බ වන්නේ මෝටර් රථයක ගමන් කරන 4 දෙනෙකුගෙන් යුත් පවුලකින් . ඔවුන් ගමන් ගන්න මෝටර් රථය හදිසියේම පොලිස් වාහනයක ගැටෙනවා . එම අනතුරින් එම පවුලේ මව එතනදීම මිය යනවා . එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයා පොලිස් නිලදරින්ගෙන් උදවු ඉල්ලා සිටිනවා .මේ කාර් රථයේ සිටින පිරිමි දරුවා කම්පනයෙන් මෙන් වට පිට බලයි , නමුත් ඔහුට දැකගන්න ලැබෙන්නේ එතැන මියගොස් සිටින තම මව. ඉන් අනතුරුව මෙමෙ චිත්‍රපටයේ දැකගන්න ලැබෙන්නේ මේ දරුවා එක පාරටම රෝහලක ඇඳක් මත අවදි වෙනවා .පසුව ඔහු තම පවුලේ සාමාජිකයන් සොයාගැනීමට පටන් ගන්නවා. පසුව ඔහුට දැකගන්න ලැබෙනවා ඔහුගේ දෙමවුපියන් මියගොස් ඇති වග සහ ඔහුගේ නංගිගේ කකුලක් අභාධිත බව . ඔහුට අහම්බෙන් වගේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් කතාවෙනවා ඇහෙනවා . මේ කතාවට ඇහුම් කන් දෙන ඔහුට දැනගන්න ලැබෙනවා තමාත් නංගිවත් දෙදෙනාවම මරන්න සැලසුම් කරන වග . ඔහු වහාම රෝහලෙන් තම  නංගිවත් අරන් පලා යනවා .

මේ චිත්‍රපටයේ මුලින්ම පෙන්වන්නේ අතීතය ගැන . පසුව එකපාරටම වර්තමානයට එනවා . වර්තමානයේදී අර පුංචි දරුවා අවුරුදු 25ක පමණ තරුණ කොල්ලෙක් ඔහුගේ නම කෙෂවා . විශ්ව විද්‍යාල සිසුවෙක් අනිත් ළමයි මෙන් කිසි කෙනෙක් එක්ක වැඩි කතා බහක් නැති චරිතයක් . කෙෂවා දවසක් පාලු පාරක තනියම එන වෙලාවේදී පසුපසින් එන මෝටර් බයිසිකලයක නැගී යම් දුරක් එනවා . මේ බයිසිකය පැදගෙන ආ පුද්ගලයට දුරකතනයට ඇමතුමක් ලැබෙනවා මේ අතරේදී කෙෂවා ඔහුව මරා දමනවා . බොහොම දරුණුවට වද දීලා මරලා ගහක එල්ලනවා .

ඔහු මේ විදියට බොහොම සූක්ෂම ලෙස මිනිසුන් කිහිප දෙනෙක් මරනවා පොලිසියටවත් හොයාගන්න බැරි වෙන්නයි ඔහු මේ මිනි මැරුම් කරන්නේ . ඇත්තටම ඇයි මෙහෙම මරන්නේ කව්ද මේ මිනිසුන් මොකද්ද හේතුව මේ සියල්ලම ප්‍රේක්ෂක ඔබට මහත් ගැටළුවක් .පොලිසිය කොපමණ උත්සහ කලත් මේ මිනි මරුවා අත් අඩංගුවට ගන්න බැරි වෙනවා . අවසානෙදි මේ මිනීමැරුම් ගැන සොයන්න විශේෂ පොලිස් නිළධාරිනියක් පත් කරනවා . ඇය බොහොම සූක්ෂම ලෙස මේ මිනි මැරුම් ගැන සොයනවා . අවසානෙදි මේ මිනි මරු කෙෂවා කොටු කරගන්නවා . නමුත් නියම මිනි මරුවා කව්ද නිවැරදි කරු කව්ද , දෙලොවක් අතර ප්‍රශ්නයකට මැදි වෙනවා .

අවසාන වන තෙක් කුතුහලය උපදවන චිත්‍රපටයක් විස්තර කරා ඇති නැත්තන් මේ චිත්‍රපටය බලනකොට කිසි ගැම්මක් ඇති වෙන්නේ නැහැ . හැමෝම බලන්න .

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

MaheshBabu-Spyder

Spyder 2017 With Sinhala Subtitle-වියරු ඝාතකයා

Spyder 2017 Telugu Movie With Sinhala Subtitle-වියරු ඝාතකයා Spyder  2017  මේ චිත්‍රපටය ඉන්දියාවේ නිර්මාණය වූ …

One comment

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: