Friday , July 19 2019
Home / Tamil-දමිල / Maayavan (2017) With Sinhala Subtitle | අමරණීයත්වයේ සටන – සිංහල උපසිරැසි

Maayavan (2017) With Sinhala Subtitle | අමරණීයත්වයේ සටන – සිංහල උපසිරැසි

Maayavan (2017) With Sinhala Subtitle  අමරණීයත්වයේ සටන

User Rating: 3.15 ( 21 votes)

Maayavan 2017

Maayavan 2017

2017 වර්ෂයේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අතර , විද්‍යා ප්‍රබන්ද, අපරාද, අබිරහස්, ත්‍රාසජනක යන කාණ්ඩ වලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අද්‍යක්ෂනය සහ නිෂ්පාදනය දෙකම කරන්නේ C.V Kumar. ඒ වගේම ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Sandeep Kishan, Lavanya Tripathi, Jackie Shroff, Daniel Balaji,

තාක්ෂනය අද කොච්චර දියුණුද . ඒ දියුණු තාක්ෂනය උපොයෝගී කරගෙන මිනිසා එදිනෙදා වැඩකටයුතු කොතරම් ඉක්මනින් කරගන්නවාද. ලැප් ටොප් පරිගණකය, ස්මාර්ට් දුරකථනය, චන්ද්‍රිකාව, අන්තර්ජාලය, ස්මාර්ට් රූපවාහිනිය සහ තවත් කොච්චර නම් තාක්ෂණික උපකරණ අප ජිවත් වන වටපිටාව තුල ඇත්ද.

හැබැයි මිනිසා දියුණුවන තාක්ෂණයට හුරුවීමත් සමග එම තාක්ෂනය වැරදි දෙයට පාවිච්චි කර එහි වටිනාකම බාල්දු කිරීමට උත්සහ කරනවා.

පරිගණකය හරහා ව්‍යාජ මුදල් නිපදවීම, අන් අයගේ පවුද්ගලික දත්ත සොරකම් කිරීම සහ තවත් කොච්චරනම් වැරදි දෙයට මේ තාක්ෂනය පාවිච්චි කරනවා ඇත්ද. ස්මාර්ට් දුරකථනය හරහා යම් අයගේ නිරුවත චායාරූප හරහා කොචරනම් ප්‍රස්සිද්ද වෙනවා ඇත්ද. ඇත්තටම අපිට මේ ලැබිලා තියෙන තාක්ෂනය හොඳ දෙයකට බාවිතා කරන්න බැරිද.

(Project Maayavan)මායාවන් ව්‍යාපෘතිය . ඇත්තටම මොකද්ද මේ මායාවන් කියන්නේ. මේකත් මිනිසා විසින් සොයාගත් දියුණු තාක්ෂණයක්. මේ තාක්ෂනය සොයාගත්තේ ඩොක්ටර් ප්‍රමෝද්. මේ තාක්ෂණයට කියන්නේ මිනිසුන් පිටපත් කිරීමේ තාක්ෂනය කියලා .

ඔහු හුඟක් මහන්සි උනා තාක්ෂනය සොයාගන්න. යම් කිසි පුද්ගලයකුගේ මොලයේ ඇති මතකය ඩිජිටල් තාක්ෂනය හරහා පිටපත් කර තවත් පුද්ගලයකුගේ මොලය තුල එය ස්ථාපිත කිරීම තමයි මේ තාක්ෂනය.

ඔහු මුලින්ම මේකට යොදා ගත්තේ මීයෙක්ව. මොකද මිනිසාගේ සහ මීයාගේ මොලයේ යාන්ත්‍රණයේ වැඩි වෙනසක් නැති නිසා. ඉතින් මේ පර්යේෂණයේ තියෙන අවදානම තමයි පොඩ්ඩක් වැරදුනොත් ඒ මනුස්සයා කොමා තත්වයකට පත් වෙන්න පුළුවන, මිය යන්නත් පුළුවන්. පරීක්ෂණයේ සාර්ථකත්වයට ලඟා වෙන්න ඔහුට මිනිස් ජිවිතයේ වටිනාකම පවා පැත්තකට දාන්න සිදු උනා.

යම් අවස්තාවක ඔහුගේ ජිවිතේ පවා අවදානමේ දැම්මා . ඔහුගේ මතකය ඔහුම ඩිජිටල් හාර්ඩ් ඩිස්ක් එකකට පටපත් කර ගත්තා . ඔහු මැරුණත්  මේ මතකය හාර්ඩ් ඩිස්ක් එක තුල තියෙන තාක් කල් ඔහුව තවත් කෙනෙකුගේ ශරීරයක් තුල ජීවමාන කරන්න පුළුවන්.  ඔහුට ඕන කලේ ජිවිතයේ අමරණියත්වය ලඟා කරගන්න. කොටින්ම කිව්වොත් නොමැරී ජීවත් වෙන්න .

මොහුගේ මීළඟ පර්යේෂණය උනේ පිටපත් කල මතකය තවත් කෙනෙකුගේ මතකය තුල ස්ථාපිත කිරීමයි. ඩොක්ටර් ප්‍රමෝද් ගේ අවාසනාවට ඔහුගේ ආයතනයේ සබාපති කම අලුත් කෙනෙකුට පැවරුණා. අලුත් සබාපති මේ ව්‍යාපෘතියට විරුද්ද උනා. අවසානයේදී ප්‍රමෝද් මේ ආයතනයෙන් ඉවත් වෙනවා.

චිත්‍රපටය පටන් ගත්ත වෙලේ ඉදන් ත්‍රාසය කුතුහලය උපදනවා . මීළඟට කුමක් සිදු වේද කියල සිතනවා. ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් අවසාන වෙන තෙක් . ඉන්දියානු චිත්‍රපටයේ අවසානය අපට කියන්න පුළුවන් චිත්‍රපටයේ අවසානය ලං වන විට . හැබැයි මේ චිත්‍රපටය අවසන් වෙන්නේ කව්රුවත් නොහිතන විදියේ කුතුහලක් උපද්වල තමයි .

ඉතින් මන් මුලින් සඳහන් කල ඩොක්ටර් ප්‍රමෝද් ට ජිවිතයේ අමරණීයත්වය ලඟා කරගන්න පුළුවන් වේද . ආයතනයෙන් අයින් වුවාට පසුව ඔහුට සිදු වුයේ කුමක්ද. ඉන්දියාවේ නිෂ්පාදනය කරන චිත්‍රපට අතර වෙනස්ම චිත්‍රපටයක් . අනිවාර්යෙන් බලන්න .

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ්

Check Also

Mersal 2017 With Sinhala Subtitle

Mersal 2017 With Sinhala Subtitle-වෙදකමේ දූෂණයට එරෙහිව -සිංහල උපසිරසි

Mersal 2017 With sinhala Subtitle වෙදකමේ දූෂණයට එරෙහිව Mersal 2017  ඉන්දියානු දමිල බාශාවට අයත් මෙම …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: