Thursday , September 19 2019
Home / Hindi-හින්දි / Munna Michael (2017) With Sinhala Subtitle | ආදරය ජීවිතය මැද නර්තනය – සිංහල උපසිරැසි

Munna Michael (2017) With Sinhala Subtitle | ආදරය ජීවිතය මැද නර්තනය – සිංහල උපසිරැසි

Munna Michael (2017) With Sinhala Subtitle | ආදරය ජීවිතය මැද නර්තනය

User Rating: 0.8 ( 4 votes)

Munna Michael 2017

Munna Michael 2017

2017 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ක්‍රියාදාම සහ නර්තනය ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Sabbir Khan. ඒ වගේම නිෂ්පාදනය කරන්නේ Viki Rajani සහ Eros International ආයතනය. චිත්‍රපටයේ ප්‍රදාන චරිතය වෙනුවෙන් දායක වන්නේ Tiger Shroff, Nidhhi Agerwal, Nawazuddin Siddiqui. චිත්‍රපටය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2017 ජූලි මස 21 වන දින.

සංගීතය සහ නර්තනය යන දෙක මිනිසා කොතෙක් දුරට හුරු කරගෙන සිටිනවද කියනවනම් සංගීතය ඇසෙනවිට නොදැනීම නැටවෙනවා. සංගීතයට බාශාවක් නැහැ. නමුත් ලොව සියලු සංගීතය නිර්මාණය වී ඇත්තේ ස්වර අකුරු කීපයක් මුල් කරගෙන.

ගීතයට බාශාවක් තියෙනවා. නමුත් බාශාවක් ඇති ගීතයට බාශාවක් නොමැති සංගීතය මුසු කර අසන විට කනට කොතරම් මිහිරිද. එයයි කලාව .සංගීත කලාව කොතරම් දුරට මිනිසා ලං කරගෙන සිටිනවද කියනවනම් එදිනෙදා වැඩකටයුතු පවා සිදුකරන්න කනට සංගීතය අවශ්‍ය වෙලා.

සංගීතයට බාශාවක් නොමැති උවත් විවිද වූ තාල රටා තියෙනවා. මේ විවිද වූ තාල රටා මිනිසා විසින් වෙන් කර ඒ කොටසට පමණක් ප්‍රිය කරන්න පුරුදු වෙලා. බාල අය ළමා ගීත, තරුණ පරම්පරාව විරහ ගීත සහ රැප් සංගීතය, මැදි වයසේ සහ මහලු අය සාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරනවා.

ගීතය හා මුසුවූ සංගීතය මේ විදියට ගලාගෙන යනකොට මිනිසා එයට නර්තනයක් එක්කර තව තවත් එය රස කරන්න යෙදුනා. නර්තනය විවිද තාල රටා වලට වෙන් කර හදුන්වන්න යෙදුනා. මේ නර්තනය ගීතයට කොතරම් උපකාරී වුවාද කියනවනම් ගීතය තව තවත් රසවත් උනා.

විවිද වූ තාල රටා වලට වෙන් කරන්න යෙදුන නර්තන අතරින් රැප් සහ හිපොප් සංගීතය රසවත් කරන නර්තන කලාව මුසු වූ චිත්‍රපටයක් තමයි අද මන් ගෙනාවේ. නර්තනය, ආදරය, වෛරය මේ තුනම එකට එක්වූ චිත්‍රපටයක්.

අපි ඔහුට මයිකල් කියමු. වෘතිමය වශයෙන් නර්තන ශිල්පියෙක්. නමුත් ඔහුගේ වියපත් වීමත් සමග රැකියාවත් අහිමි වෙනවා. මයිකල් දිනක් රාත්‍රියේ පාරේ ඇවිද එන අතර තුර පුංචි දරුවකුගේ කෑ ගැසීමක් ඇසෙනවා. විපරම් කර බලන විට කුණු ගොඩක පුංචි දරුවෙක් දාලා ගිහින්. ඉතින් මේ පුංචි දරුවා ගෙදර අරන් එනවා හදාගන්න.

ගෙදරට ගෙනාව මේ පුංචි දරුවා අඬන්න ගත්තම මොනවා කරලවත් මේ මයිකල්ට නලවගන්න නම් බැහැ. කරන පුළුවන් හැම දේම කරලා බලනවා මේ දරුවාව නලවගන්න. අවසානෙදි ඔහුගේ රේඩියෝ එකෙන් ගීතයක් දානවා. මේ ගීතය ඇසුන ගමන් දරුවා හිනාව වෙන්න පටන් ගන්නවා.

පුංචි දරුවට නමක් තියනවා මුන්නා කියල. මේ මුන්නා කුඩා කල ඉදලම නර්තනයට හුඟාක් කැමැත්තෙන් හිටියේ. නමුත් මේ මයිකල් එකට කැමති උනේ නැහැ. මොකද දවසක ඔහුට අත්  වූ ඉරණම ඔහුගේ දරුවට අත්වෙනවා කියල හිතලා.

ඉතින් කොහොම හරි මේ මුන්නා ටිකෙන් ටික ලොකු වෙලා හොද නර්තන ශිල්පියෙක් උනා. විවිද නර්තන කණ්ඩායම් අබිබවා යමින් ඔහුගේ දක්ෂතා ඉදිරිපත් කර මුදල් හම්බ කරන්න යෙදුනා. හිඟන්නාගේ පාත්තරේටත් හෙනහුරා ගහනවා කියලා කතාවක් තියෙනවනේ.

හැමදාම මුන්නා නර්තනයෙන් දිනලා මුදල් හම්බකරන නිසා කිසිම හොටෙල් එකකට,සමාජ ශාලා වලට උත්සව පවතින ස්ථාන වලට ඔහුට සහ ඔහුගේ කණ්ඩායමේ අයට ඇතුලත් වීම තහනම් උනා. මොකද ඔවුන් නර්තන ඉදිරිපත් කර මුදල් හම්බ කරන්න යෙදුනේ මෙවැනි සෙනග ගැවසෙන ස්ථානවල.

මුදල් හම්බ කරන්න ක්‍රමයක් නොමැති කමින් ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනා දවසින් දවස ඉවත් උනා. අවසානෙදි මේ මුන්නා හුඟාක් අසරණ උනා. කුමක් කරම්දැයි සිතමින් සිටිනා විට ඔහුට එක පාරටම අදහසක් පහල උනා. ඇත්තටම මොකද්ද ඒ අදහස. එක මං කියනවට වඩා හොදයි නේද චිත්‍රපටය බලලම රස විදිනවනම්.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

airlift hindi movie

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඉතිහාස …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: