Friday , July 19 2019
Home / Telugu-තෙළිඟු / Nannaku Prematho (2016) With Sinhala Subtitle | තාත්තාට ආදරෙයි – සිංහල උපසිරැසි

Nannaku Prematho (2016) With Sinhala Subtitle | තාත්තාට ආදරෙයි – සිංහල උපසිරැසි

Nannaku Prematho (2016) With Sinhala Subtitle | තාත්තාට ආදරෙයි

User Rating: 3.03 ( 5 votes)

Nannaku Prematho 2016

Nannaku Prematho 2016

2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද තෙළිඟු භාෂාවට අයත් චිත්‍රපටයක්. ඒ වගේම ත්‍රාසජනක ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Sukumar විසින්. නිෂ්පාදනය කරන්නේ B. V. S. N. Prasad විසින්. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ NTR Jr, Rakul Preet Singh, Jagapati Babu, Rajendra Prasad . මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2016 ජනවාරි මස 13 වන දින.

දෙමවුපියන්ට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මොකද්ද කියල ඇහුවොත් කියන්නේ ඒ තමයි තමන්ගේ දරුවන් කියල. ඒ වගේම දරුවන්ගෙන් ඇහුවත් මේ ලෝකේ වටිනාම වස්තුව මොකද්ද කියල ඒ තමයි අම්මා, තාත්තා.

අම්මා දස මසක් කුස තුල දරා මෙලොවට අපව බිහි කරන්නේ විශාල වේදනාවාක් දරාගෙන.  ඒ වගේම ඇයගේ ලේ ටික කිරි බවට පරිවර්තනය කරලා අපිට පොවන්නේ. තාත්තා උදේ ඉදන් රෑ වෙනකන් දහඩිය වගුරවල අපිව පෝෂණය කරනවා.

කොහොම උනත් කොච්චර ආදරෙන් උස් මහත් කලත් දරුවකුගේ ආදරය කීකරු බව අවනත බව ලබන්න හුඟක් දෙමවුපියෝ පින් කරල නෑ. එකේ අනිත් පැත්තත් එහෙමයි. දෙමවුපියන්ට කොච්චර ආදරෙන් හිටියත් ඔවුන්ගේ සෙනෙහස ආදරය ලබන්න හුඟක් දරුවනුත් පින් කරලා නෑ. මේකයි ලෝක ස්වබාවය.

අද මන් ඔයාලට ගෙනාවේ බොහොම හැඟීන්බර නෙතට කදුලක් උනන ඒ වගේම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය පටන් ගන්නේ රමේෂ් චන්ද්‍ර ප්‍රසාද් ගෙන්. ඔහු තමයි ලන්ඩනයේ  හිටපු පොහොසත්ම පුද්ගලයා. ඔහුට කුඩා වයසේ පුතුන් 3න් දෙනෙක් ඉන්නවා. ඉතින් මේ රමේෂ් කිසිම අඩුපාඩුවක් නැතුව බොහොම සාමකාමීව වැදගත් කෝටිපති මහත්මයෙක්.

ඔහුට ඕන උනා බ්‍රිතාන්යේ ජීවත් වන සෑම ඉන්දියානුවෙක්ටම තමන්ගේම කියල නිවසක් ඉදිකරලා දෙන්න. ඒ සඳහා ඔහු රැස්වීමක් තියල සියලුම ඉන්දියානුවන්ට කියනවා ඔහුව විස්වාස කරලා මුදල් ආයෝජනය කරන්න කියලා. සියලුම ඉන්දියානුවන් මුදල් ආයෝජනය කරනවා.

මේ ආයෝජනය කරන සියලුම මුදල් ඉතා සුක්ෂම අන්දමින් වංචනික ලෙස කෲර මිනිසකු වන ක්‍රිෂ්නමුර්ති විසින් පැහැර ගන්නවා. අවසානෙදි රමේෂ් චන්ද්‍ර ප්‍රසාද් සුබ්‍රමනියම් ලෙස තමාගේ අනන්‍ය තාවය වෙනස් කරගෙන රටින් පලා යනවා.

මේ සිදුවීම වෙන්නේ හුගක් ඉස්සර. දැන් ඔහුගේ ළමයි ගොඩක් ලොකුයි.ඔවුන්ට අතීතේ සිදු වෙච්ච කිසිම දෙයක් මතක නෑ. සමාජේ හොද වැදගත් රැකියාවල් කරනවා. කිසිම අග හිග කමක් නැතුව  මොවුන් සියලු දෙනා  ජිවත් වෙනවා. මෙහෙම යන අතරේ තාත්තා අසනීප වෙනවා.

දොස්තරවරු කියන්නේ තව දින 30කට වඩා ජිවත් වෙන්නේ නෑ කියලා. තමන්ගේ ළමයි සමාජේ හොද තැන්වල සිටියත් අද සිටියත් ඔහුගේ සිත කනස්සල්ලෙන්. මේ අවස්ථාවේදී අතීත කතාව තම දරුන්ට කියනවා. ඔවුන්ව උස්මහත් කරන්න කොච්චර දුක් වින්දද කියල ලමයින්ට් කියනවා. තමන්ට සුබ්‍රමනියම් ලෙස නොව රමේෂ් චන්ද්‍රප්‍රසද් ලෙස මිය යාමට ඕන බව පවසනවා. ඉතින් ඒ සඳහා අනිවාර්යෙන් ක්‍රිෂ්ණ මුර්ති වට්ටන්න වෙනවා .

එක කොහොමද කරන්නේ ක්‍රිෂ්නමුර්ති කියන්නේ අංක එකේ කපටියෙක් වගේම විශාල මුදල් සම්බාරයක් හිමි කෝටිපතියෙක්. ඒ වගේ ම්නිහෙක් වට්ටනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි මේ අභියෝගය අබිරාම් බාරගන්නවා. ඔහු තමයි බාලම පුතා. ඉතින් ඔහුට ලැබෙන්නේ දින 30ක කාලයක් ඒ දින 30 ඇතුලත කෝටිපති ක්‍රිෂ්නමුර්ති බින්දුවට බස්සන්න පුළුවන් වේද.

මේ චිත්‍රපටය 2016 වසරේ නිෂ්පාදනය කරපු එකක්. නමුත් මේක මම අද පළකරන්නේ 2018 ජූලි මාසයේ. මේ චිත්‍රපටය මට පැත්තකට දාන්නම බැරි උනා. අන්න ඒ නිසාමයි පරණ උනත් මේක පල කරන්නේ. සියලුම පියවරුන්ට උපහාරයක් වේවා.

ඔන්ලයින් නරබන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

MaheshBabu-Spyder

Spyder 2017 With Sinhala Subtitle-වියරු ඝාතකයා

Spyder 2017 Telugu Movie With Sinhala Subtitle-වියරු ඝාතකයා Spyder  2017  මේ චිත්‍රපටය ඉන්දියාවේ නිර්මාණය වූ …

2 comments

  1. Mariyan Tami move eka one plz

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: