Wednesday , November 13 2019
Home / Telugu-තෙළිඟු / Oxygen 2017 With Sinhala Subtitle | ඔක්ෂිජන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Oxygen 2017 With Sinhala Subtitle | ඔක්ෂිජන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Oxygen 2017 With Sinhala Subtitle | ඔක්ෂිජන් මෙහෙයුම

User Rating: 2.33 ( 6 votes)

Oxygen 2017

Oxygen 2017

2017 වසරේ ඉන්දියේ නිෂ්පාදනය කරන ලද තෙළිඟු බාශාවට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ක්‍රියාදාම ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ A. M. Jyothi Krishna. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ S. Aishwarya සහ A. M. Rathnam විසින්. චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Gopichand, Raashi Khanna, Anu Emmanuel. 2017 නොවැම්බර් මස 30 වන දින මහජන ප්‍රදර්ශනයට නිකුත් කරනු ලැබුවා.

අපට මේ ලෝකය තුල ජිවත් වීමට වාතය අවශ්‍යයි . ගස් වැල් අපට අවශ්‍ය වාතය සිසිලස නොමිලේම ලබාදෙනවා. තුරු ලතා සුවඳ හමන මල් අවට පරිසරය සුවදවත් කරනවා. උදයට නැගිටලා දෑත් විහිදා දිගු හුස්මක් අරන් පිට කරාම ශරීරයට කොච්චර සනීපද.

අවාසනාවක මහිමය කියන්නේ මේ සුන්දර පරිසර විනාස කරන පුද්ගලයන් කොතරන්ම් නම් ඉන්නවද . ඒ වගේම පිරිසිදු වාතය වෙනුවට විෂ වායුව ශරීරයට ඇතුළු වීමෙන් කොතරම් පිරිසක් රෝගාතුර වෙලා ජීවිතය බේරගන්න සටන් කරනවද. නුගත් කම නිසා මිනිසා විසින් තමාගේ ශරීරය ලෙඩ කරගන්නවාද.

මත්ද්‍රව්‍ය, බාල මහලු ළමා පරපුර විනාස කරන ලෝකෙටම වසංගතයක් වෙච්ච දෙයක් තමයි මේක. සුද්දා අපේ රටට ආපු ගමන් පළවෙනියටම කරේ සිංහලයට උන්ගේ විස මත්ද්‍රව්‍ය පොවලා අපේ මිනිස්සුන්ව ඒවට හුරු කරලා ලෙඩ කරපු එක. අන්තිමට උනේ මිනිසා විසින් මිනිසා නැති කරගත්තා.

පිළිකාව කියන්නේ මාරාන්තික රෝගයක්. මේ රෝගය සැදෙන්න ප්‍රදාන හේතුවක් වන්නේ විෂ සහිත වාතය මිනිසා විසින් හො මිනිසා නොදැනුවත්ව ශරීරයට ඇතුළු වීම. ලෝකයේ නොනිවෙන ගින්දර මොකද්ද කියල ඇහුවොත් හැමෝටම මතක් වෙන්නේ මොකද්ද කියල දන්නවද? දුම් වැටිය නේද.

පාසල් යන වයසේ සිටින පුංචි දරුවාගේ ඉදන් මහළු පුද්ගලයා දක්වා මේ දෙයට හුරුවෙලා . දුම් වැටිය ශරීරයට ඇතුළු කරගත්තේ නැත්නම් බඩගින්නේ දුක් විදිනවා වගේ ශරීරය මන්දගාමී වෙලා. ඇයි එහෙම වෙන්නේ? අප ශරීරයේ ස්වබාවික ක්‍රියාකාරී පැවැත්මට මේ දුම්වැටිය හානි කරලා. අන්න ඒ නිසයි අපිට මේකට හුරු උනාම නැතුවම බැරි.

ශරීරයේ පෙනහළු නරක් වෙනවා වගේම පිළිකා වන් වලට ගොදුරු වෙනවා . මේ රෝගවලින් දුක් විදින්නේ ඔබ විතරක් නෙමෙයි ඔබේ ලේ වලින් ඉපිදෙන ඔබේ දරුවත් මේ රෝගයට ගොදුරු වෙනවා. අද මම ඔබෙන් ඉල්ලන්න්නේ එක දෙයයි. ඔබ මේ දේවල් වලින් ඈත් වෙලා මතු පරපුරත් ආරක්ෂා කරන්න. පුලුවන්නම් ජිවිතයක් බේරගන්න උදව්වක් ලෙස මේ පොස්ට් එක ශෙයා කරන්න

හොදයි අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතාකරමු. චිතරපටය ආරම්බ වෙන්නේ රගුපති පවුලෙන් ඒ වගේම ශ්‍රීපති ,චලපති ,ගණපති මේ තුන් දෙනා රගුපතිගේ සහෝදරයෝ. මොවුන් එකම පවුලේ ජිවත් වන්නේ.ඒ වගේම මේ පවුලේ ලස්සම කෙනා තමයි ශ්රුටි. ඇය රගුපතිගේ එකම දියණිය. මොවුන්ගේ ආදායම් මාර්ගය උනේ ව්‍යාපාර. හැබැයි ඉතින් මොවුන්ට හතුරෙකුත් සිටියා ඒ තමයි වීරබද්රම්.

කාලය ගෙවිලා යද්දී මොවුන්ගේ පවුලේ දෙදෙනෙක් නන්නාදුනන කෙනෙකු විසින් ගාතනය කරනවා. මේ සිදුවීමෙන් පසුව රගුපති තම දියණිය හොර රහසේම දුර රටකට විවාහ කර යැවීමට තීරණය කරනවා. ඇමරිකාවේ හොද රස්සාවක් කරන ක්‍රිෂ්ණ ප්‍රසාද්ට තම දියණිය විවාහ කර දීමට කටයුතු සුදානම් කරනවා. ඒ සඳහා ප්‍රසාද් ඇමරිකාවේ සිට ඉන්දියාවට පැමිණෙනවා.

මේ දේවල් සිදු වෙන අතර විවිද පුද්ගලයන්ගෙන් ප්‍රහාර මේ පවුලේ උදවියට එල්ල වෙනවා. රගුපතිගේ පුත් මහේන්ද්‍ර මේ දේවල් පාලනය කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යනවා. ක්‍රිෂ්ණ ප්‍රසාද්ට පව්ලේ සියලු දෙනා කැමති උනත් ශ්රුටි නම් කැමති වන්නේ නැහැ. දිනක් හදිසියේම රගුපතිගේ පවුලේ අය ගමනක් යනවිට මැර පිරිසක් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ අවස්ථාවේදී ක්‍රිෂ්ණ ප්‍රසාද් දක්ෂ ලෙස සටන්කර සියලු දෙනා සතුරන්ගෙන් බේරාගන්නවා.

දිනක් ශ්රුටි තනියම ක්‍රිෂ්ණ ප්‍රසාද් සමග කතා කිරීමට අවශ්‍ය බව පවසමින් තනියම කතා කිරීමට නිවසින් ටිකක් නුදුරු ගොවිපලටක යනවා. මේ සදහා ආරක්ෂාවට සොහොයුරු මහේන්ද්‍ර මේ ගමනට එකතු වෙනවා. ශ්රුටි සහ ප්‍රසාද් කතා කර සිටින අතර තුර නන්නාදුනන දෙදෙනෙකු අවි ආයුද අතින් අරන් මොවුන්ට පහර දීමට හදිසියේම පැමිණෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ මහේන්ද්‍ර ක්‍රිෂ්ණ ප්‍රසාද් හට සතුරන්ට පහර දීමට කඩුව විසි කරනවා. නමුත් සිදුවන්නේ කව්රුවත් නොසිතු දෙයක්.

මහේන්ද්‍ර ගෙන් කඩුව ලබා ගත් ප්‍රසාද් මහේන්ද්‍රටම පහර දී ගෙල සිඳ දමනවා. ඒ වගේම ආරක්ෂාවට  ඒ වෙලාවේ රගුපතිගේ සහෝදර  ගණපති පැමිණෙනවා ඔහුටත් වෙඩි තබා මරා දමනවා. ඒ වගේම ඔවුගේ ආරක්ෂාවට පැමිණි අනිත් ගෝලයන්ද මේ ක්‍රිෂ්ණ ප්‍රසාද් සහ නන්නාදුනන දෙදෙනා එකතුවෙලා මරා දමනවා.

ඇත්තටම මොකද උනේ. රගුපතිගේ පවුල බේරා ගැනීමට ඉදිපත් වූ ක්‍රිෂ්ණ ප්‍රසාද් හදිසියේම පවුලේ සාමාජිකයින් මරා දමන්නේ ඇයි. ඇත්තටම මෙතැන ලොකු කතාවක් තියෙනවා.මොකද්ද මේ කතාව. ඔක්ෂිජන් මෙහෙයුම පටන්ගන්නේ දැන් තමයි. මේ කතාවේ ඉතුරු ටික දැනගන්නනම් අනිවාර්යෙන් මේක බලන්නම වෙනවා.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

MaheshBabu-Spyder

Spyder 2017 With Sinhala Subtitle-වියරු ඝාතකයා

Spyder 2017 Telugu Movie With Sinhala Subtitle-වියරු ඝාතකයා Spyder  2017  මේ චිත්‍රපටය ඉන්දියාවේ නිර්මාණය වූ …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: