Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Sultan (2016) Sinhala Subtitle | බොඳ වූ සිහිනය – සිංහල උපසිරැසි

Sultan (2016) Sinhala Subtitle | බොඳ වූ සිහිනය – සිංහල උපසිරැසි

Sultan (2016) Sinhala Subtitle | බොඳ වූ සිහිනය

User Rating: 3.7 ( 1 votes)
sultan 2016 Hindi
sultan 2016 Hindi

2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ක්‍රීඩා සහ නාට්‍ය ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Ali Abbas Zafar.චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Aditya Chopra. ඒ වගේම රචනය කරන්නේ චිත්‍රපටයේ අද්යක්ෂක වරයා විසින්මයි. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Salman Khan, Anushka Sharma. විනාඩි 170ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2016 වසරේ ජූලි මස 6 වන දින.

සුල්තාන් කව්ද මේ , ඔහු තමයි හර්යානාවේ හිටපු හොදම මල්ලව පොර ශූරයා. ඔහු තමයි ඉන්දියාවේ නම බබලවපු එකම ඔලිම්පික් ශූරයා ඔහු තරගයකට ගියානම් දිනලා මිසක් ආපසු පසු බහින්නේ නෑ මොකද එක තමයි සුල්තාන්ගේ විශේෂත්වය.

ඇත්තටම සුල්තාන් කියන්නේ මුලින් නම් නිකන්ම නිකන් මිනිහෙක්. විතරයි ඔහු කොහොමද මෙච්චර සාර්ථක ශූරයෙක් උනේ. ඕනෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා වගේම මේ සුල්තාන්ගේ ජිවිතේ පිටිපස්සේ බොහොම ලස්සන ආදර කතාවක් තියෙනවා.

මේ ආදරේ පටන් ගන්නේ අර්ෆා නමැති මල්ලව පොර ශූරියක් දැකලා. ඇය බොහොම ලස්සනයි. ඒ වගේම බොහොම ශක්තිමත් හරිම සැරයි. සුල්තාන් බොහොම උත්සහ කරනවා ඇය තමන්ගේ පෙම්බරී කර ගන්න නමුත් අවසානෙදි ඔහුට පරාද වෙන්න සිද්ද වෙනවා . මොකද දන්නවද ඇය කවදහරි බදින්නේ මල්ලවපොර ක්‍රීඩකයෙක් පමණක් නිසා.

ඔන්න ඔතැනින් පස්සේ තමයි සුල්තාන් තීරණය කරන්නේ මමත් හොදම රෙස්ලර් කෙනෙක් වෙනවා කියලා. හැබැයි ඒක කියන තරම් ලේසි වෙන්නේ නෑ. මොකද එකපාර ශක්තිවන්ත ඇඟක් හදාගන්නවා කියන්නේ ගොඩාක් අමාරු දෙයක්. ඉතින් එකට දිවා රෑ දෙකේම මහන්සි වෙන්න ඕන.

කොහොම හරි අවසානෙදි සුල්තාන් හොදම රෙස්ලර් කෙනෙක් වෙනවා වගේම අර්ෆාගේ ආදරෙත් දිනාගන්න සමත් වෙනවා. හැබැයි මෙතැනින් චිත්‍රපටය ඉවර වෙන්නේ නෑ චිත්‍රපටය පටන් ගන්නේ මෙතැනින් තමයි. සුල්තාන් සහ අර්ෆා අතර විවාහය සිද්ද වෙනවා හැබැයි වැඩි කාලයක් යන්න කලින් දෙදෙනාම වෙන් වෙනවා.

ඔන්න ඔතැනින් තමයි සුල්තාන්ගේ හැම දේම විනාස වෙන්නේ ඔහු සදහටම මල්ලව පොර අතහරිනවා. ඔහුගේ ශරීරය පරණ තිබුන විදියටම හැඩ ගැහෙනවා. මෙහෙම උනේ ඇයි ඒ වගේම සුල්තාන්ගේ අවසානය මොකක් වෙයිද . එහෙනම් චිත්‍රපටයේ ඉතුරු හරිය ඔබට බාරයි.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Dilwale 2016

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස – සිංහල උපසිරැසි

Dilwale (2015) Sinhala Subtitle | දෙහදක තනිවූ සෙනෙහස Dilwale 2015 2015 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: