Thursday , September 19 2019
Home / Korean-කොරියන් / The Battleship Island (2017) With Sinhala Subtitle | නිදහස සොයා – සිංහල උපසිරැසි

The Battleship Island (2017) With Sinhala Subtitle | නිදහස සොයා – සිංහල උපසිරැසි

The Battleship Island (2017) With Sinhala Subtitle | නිදහස සොයා

User Rating: 3.48 ( 22 votes)

The Battleship Island 2017

The Battleship Island 2017

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ දකුණු කොරියාවේ. ක්‍රියාදාම සහ නාට්‍ය ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Ryoo Seung-wan. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Cho Sung-min. ඒ වගේම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ප්‍රදාන නළු නිළියන් වන්නේ Hwang Jung-min, So Ji-sub, Song Joong-ki, Lee Jung-hyun. චිත්‍රපටය නිල වශයෙන් මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2017 ජුලි  මස 26 වන දින.

පතල් කර්මාන්තය ඈත අතීතයේ සිටම පැවත එන්නක් කියල අපි හැමෝම දන්නවා. මැණික් පතල්, මිණිරන් පතල්, ගල් අඟුරු පතල් . ඉතින් මේ පතල් පොලවේ සිට හුස්ම ගැනීම පවා අපහසු වෙන තරම් පොලව යටට හාරනවා. ඒ විතරක් නෙමෙයි. මීටර 300ක්, 400ක්, 500ක් වගේ දුරකට උමන් හාරාගෙන මේ උමන් ඇතුලේ තමයි මිනිසුන් වැඩ කරන්නේ. උමන් ඇතුලේ වැඩ කරන කම්කරුවෝ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිලා මේ රැකියාව කරන්නේ.

මිනිසුන් 400ක් 500ක් විතර එක දිගට වැඩ කරන්න පුළුවන් තරම් මේ පතල් විශාලයි. උමන් ඇතුලේ වතුර පිරෙනවා . ඒ වගේම මේවා කඩන් වැටෙනවා . එහෙම දේවල් උනාම ඇතුලේ ඉන්න මිනිස්සු යට වෙලා මැරෙනවා.

මන් අද ගෙනාවෙ ගල් අගුරු පතලක් මුලාශ්‍රය කර ගත් දුක්බර කතාවක්. මන් ඉහත සඳහන් කරපු හැම සිදුවීමක්ම මේ චිත්‍රපටය තුල ඔයාලට දැක බලා ගන්න පුළුවන්. වහල් සේවය, කාන්තාවන් ගණිකාවන් ලෙස වෙලදාම් කිරීම අද කාලේ හුගාක් දුරට අඩු උනත් ඉස්සරනම් අඩුවක් නැතුවම තිබුනා. ඉතින් ඒ පිළිබඳවත් දුක්බර පැත්ත ඔයාලට මේක බැලුවම දැක ගන්න පුළුවන්.

මිනිසුන් තමන්ගේ කුස ගින්න නිවාගන්න කොච්චර නම් දුක් විදිනවා ඇත්ද. තමන්ගේ අඹු දරුවන්ගේ කුස ගින්න පුරවන්න කොච්චර වෙහෙසනවා ඇත්ද. මේ කතාව ගෙතෙන්නෙ කොරියානු සහ චීන ජාතිකයන් අතර. ජපානේ නාගසාකි නගරය අසල පිහිටා ඇති හශීමා දුපත තමයි මුල් කරගන්නේ. මේ දුපතේ තියෙනවා ගල් අඟුරු පතලක්. රැකියාවන් සොයා යන අහිංසක මිනිසුන් මේ දුපතේ රැකියාවන් වලට බලෙන් අරගනවා. මේකට ගොදුරු වෙන්නේ කොරියානු මිනිසුන් 400ක පමණ පිරිසක්.

පිරිමි අය ගල් අගුරු පතලේ වැඩට බදවගන්නවා, ඒ වගේම ගැහැණු අයව පිරිසිදු වැඩට අරගන්නවා ඒ වගේම ලොක්කන්ගේ කාමාශාව සංසිදුවා ගන්න ගණිකා සේවයටත් මේ ගැහැණුන්ව අරගන්නවා. මොවුන්ට පඩියක් හැටියට ගෙවන්නේ බොහොම සොච්චම් මුදලක්. ඒ ගෙවන මුදලිනුත් රක්ෂණයට කොටසක් කපාගන්නවා, නවාතැන් වලට කොටසක් කපනවා, කෑම බීම වලට තව කොටසක් කපනවා.

මේ මිනිසුන්ගෙන් වැඩ ගන්නේ ඉතාමත් කුරිරු ලෙස පහර දෙමින්. බොහොම දුක්බර ජිවිතයක් මොවුන් ගත කරන්නේ. මේ මිනිසුන්ගේ එකම පරමාර්ථය තමයි කොහොම හරි නිදහස යොයා ආපසු තමන්ගේ මවු බිම කරා යාම. ඉතින් මෙතැනින් පිටවෙනවා කියන එක එච්චර ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද මොවුන් වටකරගෙන ආයුද සන්නද්ද විශාල සෙබල පිරිසක් ඉන්න නිසා.

චිත්‍රපටයේ ආදායම ගත් විට ඇමරිකානු ඩොලර් මිලියන 21ක මුදල වියදම් කරලා තමයි මේ සිනමා සිත්තම නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම ඇමරිකානු ඩොලර් මිලියන 47.3ක විශාල මුදලක් ආදායම ලබාගෙන තියෙනවා. මෙතැනින් එහාට විස්තර කරන්නේ නැහැ. ජිවිත පරදුවට තබා කරන මේ දුක්කිත රස්සාවෙන් මිදිලා ඔවුන්ගේ නිදහස සොයා ආපසු මවු බිමට පා තැබිය හැක වේද . අවසානය වන තෙක් චිත්‍රපටය බලන්න.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: