Tuesday , May 21 2019

Home / English-ඉංග්‍රීසි / The Foreigner (2017) With Sinhala Subtitle | සෙනෙහසේ පලිගැනීම – සිංහල උපසිරැසි

The Foreigner (2017) With Sinhala Subtitle | සෙනෙහසේ පලිගැනීම – සිංහල උපසිරැසි

The Foreigner (2017) With Sinhala Subtitle | සෙනෙහසේ පලිගැනීම

User Rating: 1.9 ( 2 votes)

the Foreginer 2017

The Foreigner 2017

මේ චිත්‍රපටය 2017 වසරේ නිෂ්පාදනය කරපු ක්‍රියාදාම සහ ත්‍රිලර් ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටයේ අද්‍යක්ෂනය Martin Campbell. ඒ වගේම තිර රචනය කරන්නේ David Marconi. 1992 වසරේ නිකුත් කරනලද The Chinaman නවකතාව තමයි මේ චිත්‍රපටයට පාදක කරගන්නේ. චිත්‍රපටයේ ප්‍රදාන චරිත වෙනුවෙන් Jackie Chan, Pierce Brosnan පෙනී සිටිනවා.

Bruce Li, Jet Li, Jackie Chan, අපි චීන චිත්‍රපට ආසාවෙන් බලන්න හුරු කරානම් ,චීන චිත්‍රපට යම් කරලියකට ගෙනාවනම් ඒ ගෙනාවේ මේ තුන් කට්ටුව තමයි. ශාස්ත්‍රීය සටන් කලාව ප්‍රගුණ කල මොවුන් සිනමා ලොව තුල පමණක් නොව සැබෑ ජිවිතයේදීද හොද සටන් ශිල්පියෝය . අද අපි ආසාවෙන් බලන චිත්‍රපටය තුල ඇතුලත් සටන්ක්‍රම කොතරම් දුරට තාත්විකද කිවහොත් ඒ අන් කිසිවක් නිසා නොව මොවුන් ප්‍රගුණ කල ශාස්ත්‍රයේ පැවැත්ම මතය .

අවාසනාවකට අපි ගොඩක් ආදරය කරපු චරිතය bruceli 1973 වසරේ ජිවිතයෙන් සමුගත්තේ ඔහුගේ රටේ ජනතාවට පමණක් නොව ඔහුට ප්‍රිය කල සියලුම ලෝකවාසී ජනතාවගේ දෑස් තෙත්කරමිනි. නමුත් අදටත් ඔහුගේ දක්ෂ සටන් කලාව සිනමාපට හරහා අපට දැකගත හැකිය .

විදේශිකයා නම තේමාව කරගත් මේ චිත්‍රපටය Jacke Chan ගේ  දිගු නිවාඩුවකට පසු නැවත පිබිදීම කිව හැකිය. ඔහුගේ වයසත් එක්ක බැලු කල මේ චිත්‍රපටයට කොතරම් වෙහෙස වී ඇත්දැයි මෙය නැරඹු පසු ඔබට දැක ගත හැකිය. 1980 දශකයේ සිට මේ දක්වා සිනමාපට රාශියකට රංගනයෙන් දායක වූ මොහු විශ්‍රාම දිවියට සමු දී නැවතත් වර්තමාන ජනතාවගේ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත් බව නම් නිසැකවම කිව හැකිය .

ජැකී චෑන් මේ පාර අතගහන්නේ ඉතා දුක්බර කතාවක් කියා පාන චිත්‍රපටයකට . ජිවිතයේ අහිමි වීම, පියකුගේ වේදනාව, සහ එයින් උපන් පළිගැනීමේ චේතනාව. මේ හැම දෙයක්ම අඩංගු වූ චිත්‍රපටයක් තමයි මේ. ප්‍රේක්ෂකයන්ගේ දෑසට කදුලක් ගෙනෙන චිත්‍රපටයක්.

කුවාන් කියන්නේ විදේශිකයෙක්. ඔහු ලන්ඩන් වල චීන අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයෙක්. නොසොතු මොහොතක මාර්ගයේ අටවන ලද බෝම්බයකට ඔහුගේ දියණිය මිය යනවා . දරුවකුගේ වියෝව පියකුට කොච්චර වේදනාවක්ද . ඒ වේදනාවම කුවාන්ටත් දැනුනා . ඉහුගේ සිතට ආවේ එකම සිතිවිල්ලක් . ඒ තමයි කාටවත් කරදරයක් නැති මගේ අහිංසක දියණිය මරාදැමුවේ ඇයි කියාය. පළිගැනීමේ චේතනාව ඔහුගේ සිතට තදින්ම කාවැදුනා .

වේදනාවෙන් මිරිකීමෙන් ඔහු ස්කොට්ලන් යාඩ් පොලිසිය වෙත යන්නේ මේ බෝම්බ ප්‍රහාරය සිදු කල අයගේ නම් ලැයිස්තුව ලබාගැනීමටය. නමුත් එය අපොහොසත් විය . පසුව ඔහු උතුරු අයර්ලන්ත නියෝජ්‍ය මහා ඇමති ගෙන්ද උදව් ලබාගැනීමට උත්සහ කලද එයද අපොහොසත් විය .මේ පුද්ගලයා අවසානයේදී කුමක් සිදු කරාවිද . තම දියණියගේ ජීවිතය නැති කල වරද කරුවන්ගෙන් පලිගැනීමට හැකි වේද . චිත්‍රපටය අවසාන වන තෙක් නරඹන්න.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Thor Ragnarok 2017

Thor Ragnarok (2017) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Thor Ragnarok (2017) With Sinhala Subtitle Thor Ragnarok 2017 2017 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: