Tuesday , May 21 2019

Home / English-ඉංග්‍රීසි / The Hitman’s Bodyguard (2017) With Sinhala Subtitle | කුලී ඝාතකයාගේ ආරක්ෂකයා – සිංහල උපසිරසි 18+

The Hitman’s Bodyguard (2017) With Sinhala Subtitle | කුලී ඝාතකයාගේ ආරක්ෂකයා – සිංහල උපසිරසි 18+

The Hitman’s Bodyguard (2017) With Sinhala Subtitle | කුලී ඝාතකයාගේ ආරක්ෂකයා 18+

User Rating: 4.2 ( 2 votes)

The Hitman's Bodyguar 2017

The Hitman’s Bodyguard 2017

2017 වසරේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Patrick Hughes. චිත්‍රපටයේ රචනය Tom O’Connor. චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Ryan Reynolds, Samuel L. Jackson, Gary Oldman, Salma Hayek.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන අය අතර ජනප්‍රිය නළුවෙක් තමයි Rayan Reynolds කියන්නේ , මෑත කාලයේ ජනප්‍රිය උන Deadpool, Deadpool 2, ඒ වගේම ටිකක් පැරණි ජනප්‍රිය චිත්‍රපට වන Green Lantern, RIPD යන චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙන ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම තමයි දෙවන චරිතය වන Samuel L. Jackson කියන්නේ The Avengers, Jurassic Parrk, Kong: Skull Island යන ජනප්‍රිය චිත්‍රපට වල රඟපෑ නළුවෙක්.

චිත්‍රපටයේ කතාව ගැන ටිකක් සඳහන් කරන්නම් මයිකල් බ්‍රයිස් (Ryan) මොහුගේ රැකියාව යම් විපත්වලට පත් වෙලා ඉන්න පුද්ගලයන්ව ආරක්ෂිව රැගෙනයාම . ඉතින් මොහු බොහොම දක්ෂ පුද්ගලයෙක් . ඒ වගේම තමයි ඩාරියෙස් (samuel) මොහු කුලී ඝාතයෙක්. මොහුගේ බිරිඳ සහ මොහු, කල අපරාද වලට සිරගතවී සිටින්නේ .මේ අතර යම් නඩු විබාගයකට සාක්ෂි දීමට මොහුට පවසනවා . නමුත් මොහුගේ බිරිද නිදහස් කරන්නේ නම් සාක්ෂි දීමට ඒකඟ වෙනවා .

මේ නඩුවට සාක්ෂි දීමට ජාත්‍යන්තර අපරාද අදිකරණයට මේ ඩාරිස් ව රැගෙන යන්න වෙනවා . ගැටලුවකට පවතින්නේ මේ සාක්ෂිය වැලැක්වීම සඳහා විවිද පාතාල කල්ලි මග දෙපස සැඟවී සිටිනවා .ඉතින් කොහොම හරි ආරක්ෂිතව රැගෙන යන්න වෙනවා . විශාල ආරක්ෂාවක් මැද්දේ ඩාරිස් රැගෙන යනවා . හැබැයි වැඩි දුරක් යන්න වෙන්නේ නෑ මොවුන්ට ප්‍රහාර එල්ල වෙනවා.

මේ ප්‍රහාර මැද ඩාරිස් සහ පොලිස් නිළධාරිනියක් සැඟවී ගොඩනැගිල්ලක් අතුල සැඟවී සිටිනවා.දැන් මේ ප්‍රහාර මැද කොහොම හරි ඩාරිස් රැගෙන යන්න වෙනවා . මේ කට එකම විසදුම පවුද්ගලික ආරක්ෂකයෙක් හරහා රැගෙන යාම යයි සිතා මේ පොලිස් නිලධාරිනිය මයිකල් බ්‍රයන් යොදා ගන්නවා . ආරක්ෂිතව රැගෙන යන්න ඕන පුද්ගලයා කව්දැයි බැලීමට මයිකල් පැමිණෙනවා , ඩාරිස් සහ මයිකල් අතර මේ අවස්ථාවේදී ගැටුමක් හටගන්නවා මොකද පසුගිය කාලේ  ඩාරිස් කල විවිද අපරාද වලදී මයිකල් හරස් වී ඇති නිසා .

කොහොම හරි නිලදාරිනියගේ කීමට මයිකල් ඩාරිස් ආරක්ෂිතව රැගෙන යන්න ඒකඟ වෙනවා . මේ චිත්‍රපටය විනෝදාස්වාද එකක් සිනහවෙන් පිරිණු චිත්‍රප්පටයක් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් , චිත්‍රපටය තව හුඟක් දිගට තියෙනවා විස්තර කරා ඇති මේක බලලාම රස විදින්න .

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Thor Ragnarok 2017

Thor Ragnarok (2017) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Thor Ragnarok (2017) With Sinhala Subtitle Thor Ragnarok 2017 2017 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: