Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Tiger Zinda Hai (2017) With Sinhala Subtitle | රුදුරු ඉරාක බිමේ හෙදියන් මුදවා ගැනීමේ මෙහෙයුම-සිංහල උපසිරැසි සමග

Tiger Zinda Hai (2017) With Sinhala Subtitle | රුදුරු ඉරාක බිමේ හෙදියන් මුදවා ගැනීමේ මෙහෙයුම-සිංහල උපසිරැසි සමග

Tiger Zinda Hai (2017) Sinhala Subtitle | රුදුරු ඉරාක බිමේ හෙදියන් මුදවා ගැනීමේ මෙහෙයුම

User Rating: 2.86 ( 6 votes)

Tiger Zinda Hai

Tiger Zinda Hai 2017

2017 වර්ෂයේ ඉන්දියානු හින්දි බාශාවට අයත් චිත්‍රපටයක් . මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ ත්‍රාසජනක ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටයේ අද්‍යක්ෂනය  Ali Abbas Zafar විසින්. නිෂ්පාදනය කරනු ලබන්නේ Aditya Copra. චිත්‍රපටයේ ප්‍රදාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ Salman Khan, Katrina Kaif. මෙමෙ චිත්‍රපටය 2017 දෙසැම්බර් මස 22 වන දින මහජන ප්‍රද්දර්ශනයට නිකුත් කරනු ලැබුවා.

යුද්දය කියන දෙය අද ඊයේ පෙරෙයිදා පටන් ගතට දෙයක් නෙමෙයි. මිනිසා තමන්ගේ ආදිපත්‍ය පතුරවාගන්න කොතරම් මිනිස් ජිවිත බිලි ගන්නවා ඇත්ද. අහිංසක මිනිසුන්ගේ දේපල ඉඩකඩම් නිවාස කොච්චර විනාස වනවා ඇත්ද. යුද්දයේ ස්වබාවය මේකයි.

අවි ආයුද අතට අරන් කරන මේ සෙල්ලමේ ප්‍රතිපලය වන්නේ අවි අයුදයකින්ම මිය යන එක විතරයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්, එයයි කියමන.

අද මම කියන්න යන්නෙත් එවැනි යුද කතාවක් මේ යුද්දය පටන් ගත්තේ ඉරාකයෙන්. අබු උස්මාන් පෙරටු කරගත් ISC ත්‍රස්ත කණ්ඩායමක් ඉරාකයේ බලය අල්ල ගැනීමට විශාල උත්සාහයක් දරනවා . ISC ත්‍රස්ත කණ්ඩායම කියන්නේ ලොව සිටින දරුණු කණ්ඩායමක් ඔවුන්ට නවීන අවි ආයුද තිබුන , ඒ වගේම විශාල හමුදා භට පිරිසක් සිටියා.

එක් අවස්ථාවකදී හදිසියේම මේ ත්‍රස්ත කණ්ඩායම ඉරක නගරයේ ප්‍රහාරයක් දියත් කළා. ඉරාක හමුදාව විසින් ප්‍රති පහාර එල්ල කරන අවස්ථාවේ ත්‍රස්ත කණ්ඩායමේ නායක අබු උස්මාන්ට වෙඩි ප්‍රහාරයක් වදිනවා. ඒ අවස්ථාවේ ලගම ඇති රෝහලට ඔහුව අරන් බලහත් කාරයෙන් කඩා වැදී එහි සේවයේ සිටින සියලුම හෙදියන් බිය ගන්වා ඔවුන්ගේ නායකයාගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රතිකාර කරන මෙන් තර්ජනය කරනවා.

ඔවුන් රෝහලේ සිටින සියලුම සේවකයන් ඉවත් කර ගන්නවා. නමුත් හෙදියන් පමණක් ඉතිරි කරගෙන ඔවුන්ව ප්‍රාණ ඇපයට තබා ගන්නවා. කිසිම දෙයක් පිටතට දැන්විය නොහැකි වෙන්න හෙදියන්ගේ දුරකථන අරගන්නවා . මේ සිටින සියලුම හෙදියන් පකිස්තානු සහ ඉන්දියානු හෙදියන්. රෝහල ඔවුන්ගේ බාරයට ගෙන සියලුම භට පිරිස් ආරක්ෂාවට තබා ඔවුන්ගේ මද්‍යස්තානයක් බවට රෝහලඅත් පත් කරගන්නවා.

ලොව අන් සියලුම රටවල් මේ සිදුවීමත් සමග කලබලයට පත් වෙනවා. මේ අවස්ථාවේ ඇමරිකා රජය ගුවනින් ප්‍රහාර එල්ල කර මේ ත්‍රස්ත කණ්ඩායම මරා දැමීමට හමුදාවට අණ කරනවා. නමුත් ඉන්දියානු රජය මේ තීරණයට මැදිහත් වී හෙදියන් බේරා ගැනීමට දින හතක කාලයක් ඉල්ලා සිටිනවා.

දින හතක් ඇතුලත රුදුරු ඉරාක බිමේ ලොව භයානකම ත්‍රස්ත කණ්ඩායම සමග යුද වැදී, ඔවුන්ගේ බලය බිද දමා, තම අදිරාජ්‍ය කරගත් රෝහල තුල ප්‍රාණ ඇපයට තබා ගත් සියලුම හෙදියන් බේරාගැනීමට හැකි වේද.

බොලිවුඩ් සිනමාව උඩු යටිකුරු කරමින් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිද හෙලු අති සාර්ථක චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 210 මුදලක් වියදම් කර නිර්මාණය කරන්නාවූ මේ චිත්‍රපටය පොස්ට් එක ලියන මේ අවස්තාව වන විට කෝටි 570.83 මුදලක් උපයාගෙන තියෙනවා.

එහෙනම් තවත් විස්තර ඕන නෑ මේක බලලම ඔයාලා තීරණය කරන්න කොහොමද කියලා

ඔන්ලයින් නරඹන්න

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කර නරඹන්න 800MB

Check Also

Fan 2016

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය FAN 2016 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: