Thursday , September 19 2019
Home / English-ඉංග්‍රීසි / Wonder Woman (2017) With Sinhala Subtitle | කුරිරු යුද්ධයෙන් ලෝකය බේරාගැනීම – සිංහල උපසිරැසි

Wonder Woman (2017) With Sinhala Subtitle | කුරිරු යුද්ධයෙන් ලෝකය බේරාගැනීම – සිංහල උපසිරැසි

Wonder Woman (2017) With Sinhala Subtitle | කුරිරු යුද්ධයෙන් ලෝකය බේරාගැනීම

User Rating: 3.46 ( 5 votes)

Wonder Woman 2017

Wonder Woman 2017

2017 වසරේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද සුපිරි වීරයන්ගේ ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අද්යක්ෂනය කරන්නේ Patty Jenkins. චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Gal Gadot සහ Chris Pine. මේ චිත්‍රපටය 2017 මැයි 15 වනදා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් වෙනවා.

අපි ඉස්සර ඉදන් සුපිරි වීරයන්ගේ කතා වලට චිත්‍රපට වලට ගොඩක් ආස කළා . Marvel කියන්නේ සුපිරි වීරයෝ සිනමාවට හදුන්වා දෙමින් ජනප්‍රිය චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කරපු ආයතනයක්. ඉතින් ඒ ආයතනයට එහා ගියපු කිසිම ආයතනයක් එදා තිබුනේ නැහැ. නමුත් අද DC ආයතනය Marvel ආයතනයට ලොකු ඇටැක් එකක් දීලා කියලනම් අනිවාර්යෙන් කියන්න පුළුවන්.

Wonder Woman අභීත ගැහැණිය එහෙමත් නැත්නම් විශ්මිත කාන්තාව. මෙයා ඉපදුනේ තෙමිස්කිරාවේ. ඇත්තටම ඇය ඉපදුනේ නැහැ ඇයව ඉපැද්දුවා. ඇගේ මව හිපොල්යාටා, තෙමිස්කිරාවේ රැජිණ. හිපොල්යාටා මැටියෙන් රූපයක් හදනවා ඇතිනා දෙවියන් විසන් එම රූපයට ජීවය ලබා දෙනවා. ඒ ජීවය ලබාදුන් රුපය තමයි වොන්ඩර් වුමන් හෙවත් පුංචි ඩයනා කුමරිය .

තෙමිස්කිරා දුපත තියෙන්නේ සඟවලා. මෙය කාන්තාවන් පමණක් ජිවත් වන දුපතක්. මොවුන්ගේ ප්‍රදාන රාජකාරිය ලෝකය බේරා ගැනීමයි. ඒ සඳහා නිතරම සටන් පුහුණු වීම් දිනපතා සිදු කරනවා. පිටත ලෝකය ගැන කිසිම දැනුමක් මොවුන්ට නැහැ මොකද මේ දුපතෙන් කිසිවකු බාහිර ලෝකයට නොයන නිසා. සියස් නැමති දෙවියන් විසින් මේ දුපත  අනිත් අයට නොපෙනෙන පරිදි සැඟ වීමට හේතුව ආර්ස් හෙවත් යුද්දයට අදිපති දෙවියා විසින් ඔවුන් විනාස කිරීම වළක්වාලීමට ගත් පියවරක්ය.

පුංචි ඩයනා කුමරිය ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවියට පත් වීමත් සමග ඇය දක්ෂ ලෙස සටන් පුහුණුව ලැබුවා . දිනක් සටන් පුහුණුවන අවස්ථාවේ ඇගේ ශරීරයෙන් එක පාරටම විශාල බලයක් විහිදෙනවා.  ඒ බලය කොච්චරද කියනවනම් ළඟ පාතක සිටින සෑම කෙනෙක්ම ඈතට විසිවෙලා යනවා. ඒ අවස්ථාවේදී ඩයනත් පුදුම උනා කොහොමද ශරීරයෙන් මෙතරම් බලයක් පිට උනේ කියලා.

ඩයන ඉන්නේ යවුවන වයසේ. ඇය මුහුද දෙස බලාගෙන සිටින විට අහසේ සිට පියාඹා ආ යමක් මුහුදට කඩන වැටෙනවා. ක්ෂණිකව මුහුදට පැන වේගයෙන් පිහිනා ගොස් එය කුමක්දැයි විපරම් කර බලන විට, කුඩා අහස්යන්තරාවක මිනිසෙකු සිරවී සිටින බව දැක ඔහුව ගොඩට ගෙන ජ්විතේ බේරාගන්නවා. ඔහු අන් කවරකු නොව ස්ටීව් හෙවත් ඇමරිකන් හමුදාවේ රහස් සෙබළකුය  .

ජර්මන් හමුදාව මේ සෙබලා පසුපස හඹා දුපතටම පැමිණෙනවා. මේ අවස්ථාවේ සටන් පුහුණුව ලැබූ සියලුම කාන්තාවන් සමග යුද වැදී අවසානයේ ජර්මන් හමුදාව පරාජිත වනවා. මේ සෙබලා ගැන වැඩි විස්තර සොයන විට ඩයනා දැනගන්නවා යුද්දයක් පවතින බව . ඇය සිතන්නේ එම යුද්දය ඇරස් නමැති යුද්දයට අදිපති දෙවියා විසින් සිදුකරන්නක් යන්නයි.

ඇරස්ව ඝාතනය කර කොහොම හො යුද්දය නවතාලීම ඇයගේ යටි සිතේ එකම අරමුණ විය . ඒ සඳහා රහසේම මේ දුපතෙන් පිටව යාමට තීරණය කරා. ස්ටීව් නමැති ඇමරිකන් සෙබලා සමග බෝට්ටුවක නැගී ඇරස් හෙවත් යුද්දයේ දෙවියන් මරා දමා සාමය උදා කරලීමට මේ දෙදෙනා පිටත් උනා .

ඉතින් මෙතැනින් එහාට මම විස්තර කරන්නේ නැ .එහෙම උනොත් කතාවේ රසයක් නැති වෙනවා. Marvel සමාගම පසෙකලා අමාරුවෙන් වෙර දරා නැගී සිටින අපේ DC කොමික් ලාගේ හැකියාව කොහොමද කියලා මේක බලලා ඔයාලම තීරණය කරන්න.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Teenage Mutant Ninja Turtles Out of the Shadows

Teenage Mutant Ninja Turtles: Out of the Shadows Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 – සිංහල උපසිරසි

Teenage Mutant Ninja Turtles: Out of the Shadows 2016 Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: